මොනවද මේ Brute Force Attack ??? - SL_Tech_Zone

Latest

SL_Tech_Zone

අපගේ නමවතම තාක්ශනික Blog අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නව...Linux,Windows,Android පිලිබදවත්...අනෙකුත් තාක්ෂණික තොරතුරු අපගේ Blog අඩවියෙන් ඔබට ලබාගත හැක... *Education Purpose Only..! SL_TECH_ZONE Admins : Thilina & Amila

Tuesday, June 5, 2018

මොනවද මේ Brute Force Attack ???


හලෝ ගායිස්.....කොහොමද කට්ටියටම.අද කියන්න යන්නෙ පොඩි මාතෘකාවක් ගැන.Brute Force කියන වචනෙ පුරුදු ඇති  Hacking ගැන උනන්දු උන්ටනම්😎.මේ පෝස්ට් එක ඒ ගැන අහල තිබ්බට හරියට පැහැදිලි කරන්න දන්නැති අයට.දන්න උන් වැරදි තියෙයිනම් අනිවා කමන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා.පොඩි මාතෘකාවක් කිව්වෙ පැහැදිලි කිරීමක් හන්ද.කරන හැටි ගැන වෙනමම කියාදෙන්නම්.

Brute Force Attack කියල කියන්නෙ සරලවම කිව්වොත් කාගෙහරි  අකවුන්ට් පාස්වර්ඩ් , PIN අංක වගේ දේවල් ගන්න පාවිච්චි කරන trial-and-error කියන ගණයට වැටෙන ක්‍රමයක්.Brute Force Attack එකකදි සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්නෙ  අපිට ඕන කරන ඩේට එකට 100% ක්ම ගැලපෙන දේ හදාගන්න.ඒ කියන්නෙ තේරෙන විදිහට කිව්වොත් පාස්වර්ඩ් එකක් වගේ දෙයක්නම් ඒ පාස්වර්ඩ් එකම Genarate කරගන්න ලේසිවෙන්න. network security වල ඩේට Encrypt කරල ගේම් දෙන්නත් හැකර්ල මේ Brute Force Attack පාවිච්චි කරනව.මේකටම තමා brute force cracking කියල කියන්නෙත්.

 Brute Force Attack වලත් එක එක වර්ග තියනව.උදාහරණයක් විදිහට  එකක් තමා  dictionary attack.ඒ කියන්නෙ dictionary එකක තියන ඔක්කොම වචනත් එක්ක සසදල බලල ඒ වචන වලින් එකක්හරි ගෑවිලා තියන පාස්වර්ඩ් එකක් සෙනිකව හොයාගන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්.අනිත් Attack වර්ග  තමා අකුරු ඉලක්කම් සිම්බල් වගේ කලවම් උන වචන හොයාගන්න පාවිච්චි කරන්නෙ.මේ Brute Force Attack එකක් සාර්ථක වෙන්නෙ ඒ පාස්වර්ඩ් එක අනුව.ඒ  කියන්නෙ අකුරු ඉලක්කම් සිම්බල්  කලවම් උන දිග වචනයක්නම් කාලයක් බලන් ඉන්න වෙන වැඩක්.මොකද  වචන එක එක ට්‍රයි කරල ඊටපස්සෙ ඉලක්කම් කලවම් උන හැටි හදාගෙන ඒවත් ට්‍රයි කරද්දි සෑහෙන කාලයක් යන්න පුලුවන්.
ඒ හන්ද උබලත් පාස්වර්ඩ් එකක් දාද්දි ඔක්කොම කල්වම් වචනයක් හදාගනින්.
උදාහරණයක් ගත්තොත් mynameisamila කියල පාස්වර්ඩ් එකක් දාන්න හිතනවනම් myName!s@mil@ වගේ.ඕකට ඕනිනම් උපන්දිනේ පොඩි කෑල්ලක් , නැත්තම් ID නම්බරේ  පොඩ්ඩක් වගේ දැම්මනම් ලොවෙත් හොයාගන්න බෑනෙ😜.i අකුර වෙනුවට ! a අකුර වෙනුවට @ වගේ දාල strong  පාස්වර්ඩ් එකක් හදාගනිල්ල.Brute Force Attack කියන්නෙ මොකක්ද කියලත් කියාදීල එවගෙන් ආරක්ශා වෙන හැටිත් ඔන්න කිව්ව.ඊලග පෝස්ට් එකෙන් බලමු කොහොමද Brute Force Attack එකක් කරන්නෙ කියල😍😍.එහෙනම් අදට අපි ගියා.වැරදි අඩුපාඩු කියාගෙන යන ගමන් යාලුවන්ටත් කියහල්ල අපි එක්ක සෙට් වෙන්න කියල.

එහෙනම් ජයවේවා ඔක්කොටම බුදුසරණයි!!!!

#ALEX

4 comments: