Linux Terminal එකේ වැඩ්ඩෙක් වෙන්න අනිවාර්යයෙන් දැනගත යුතු Commands! - SL_Tech_Zone

Latest

SL_Tech_Zone

අපගේ නමවතම තාක්ශනික Blog අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නව...Linux,Windows,Android පිලිබදවත්...අනෙකුත් තාක්ෂණික තොරතුරු අපගේ Blog අඩවියෙන් ඔබට ලබාගත හැක... *Education Purpose Only..! SL_TECH_ZONE Admins : Thilina & Amila

Saturday, May 26, 2018

Linux Terminal එකේ වැඩ්ඩෙක් වෙන්න අනිවාර්යයෙන් දැනගත යුතු Commands!



කොහොමද යාලුවනේ...ලිනක්ස්  ගැන ගොඩ කාලෙකට පස්සෙ කතාකරන්න හිතුන...ඕනෙම ලිනක්ස් OS එකක එන බේසික් commands ටිකක් තමා කියන්න යන්නෙ...Beginners ලට ගොඩක් වටී කියල හිතුව නිසා post කලේ...හරි එහෙනම් වැඩි කතා නැතුව terminal එක open කරගෙන පටන් ගමු...

1.pwd

මේ කමාන්ඩ් එකෙන් කරන්නෙ අපි දැන් ඉන්න path එක පෙන්නන එක...
root@sltechzone :-# pwd

/Downloads/

2.ls

මේකෙන් කරන්නෙ අපි ඉන්න පාත් එකේ තියන file folder වල නම් පෙන්නන එක..
root@sltechzone :-# ls

Video                           Music                          Documents

Other                           Compressed

තව දෙයක් hidden file බලාගන්න ඕනෙනම් ls –a පාවිච්චි කරන්න පුලුවන්...

3.cd

මේ කමාන්ඩ් එකෙන් අපිට folder navigate වෙන්න පුලුවන්...උදාහරනයක් විදිහට අපිට Desktop එකට යන්න ඕනෙනම්..

root@sltechzone :-# cd Desktop

Home path එකටලේසියෙන්ම යන්න පුලුවන් cd නිකම්ම දීල
root@sltechzone :-# cd

ඕනෙමදුර තියන path එකකට යන්න ඕනෙනම් / ලකුනත් එක්ක මේ ඉදිහට command එක දෙන්න...
root@sltechzone :-# cd /Downloads/Documents/

අපිට folder එක පිලිපස්සට යන්න ඕනෙනම් cd .. දෙන්න
root@sltechzone :-# cd ..

folder එකේ නම space එක්ක තියෙයිනම් “ “ යටතෙ folder එකේ නම දෙන්න
root@sltechzone :-# cd “Kali Tut”

4.mkdir & rmdir 

mkdir පාවිච්චි කරල folder එකක් හදන්න පුලුවන් ...
root@sltechzone :-# mkdir NewFolder

rmdir පාවිච්චි කරල folder එකක් මකන්න පුලුවන්...
root@sltechzone :-# rmdir NewFolder

5.rm

මේ command එකෙන් file මකන්න පුලුවන්...
root@sltechzone :-# rm sltechzone.py

ඒවගේම folder මකන්නත් පොඩි වෙනසක් command එකේ කරන්න තියෙන්නෙ...ඉස්සරහට -r දාල ෆෝල්ඩර් එකේ නම දෙන්න...
root@sltechzone :-# rm –r tut

6.touch

මේ command එකෙන් අපිට ඕනෙම ෆයිල් එකක් හදන්න පුලුවන්...උදාහරනයම් ඉදිහට අපිට  new.txt කියල file එකක් හදන්න ඕනෙනම් මෙහෙම command එක දෙන්න...
root@sltechzone :-# touch new.txt

7.man & --help

මේ කමාන්ඩ් දෙකෙන්ම වෙන්නෙ අපි ගහන command එකේ සම්පූර්න විස්තරයක් ගන්න...උදාහරනයක් විදිහට අපිට cp command එකෙන් මොකද වෙන්නෙ කියල දැනගන්න ඕනෙනම් මෙහෙම command කරන්න..
root@sltechzone :-# man cp

root@sltechzone :-# cp --help
ඔය දෙකෙන්ම වෙන්නෙ එකම දේ...

8.cp

මේ command එකෙන් අපිට file copy කරන්න පුලුවන්... command එක එන්නෙ cp අපිට කොපි කරන්න ඕනෙ file එකේ නම,space,ෆෝල්ඩර් එකේ නම...
 root@sltechzone :-# cp sltechzone.py /Desktop/

 9.mv

මේ කමාන්ඩ් එක ඕනෙ වෙන්නෙ file එකක් move කරන්න...
root@sltechzone :-# mv sltechzone.py /Download/

මේ කමාන්ඩ් එකම file එකක් rename කරන්නත් යොදාගන්න පුලුවන්... sltechzone.py  file එකේ නම tut.py කරන්න ඕනෙනම් මේ විදිහට command කරන්න...
root@sltechzone :-# mv sltechzone.py tut.py

10.locate

මේකමාන්ඩ් එක පාවිච්චි කරල pc එකේ තියන ඕනෙම file එකක නමක් තියන තැන හොයාගන්න පුලුවන්...අපිට හරියටම file එකේ නම මතකනම මතකනම් නිකම්ම මේ විදිහට file එකේ නම දෙන්න...
root@sltechzone :-# locate search.txt

කැපිටල්සිම්පල් ප්‍රද්නයක් තියෙයිනම් මේ ඉදිහට case sensetive අයින් කරන්න පුලුවන්...
root@sltechzone :-# locate –i SeArCh.txt

file එකේ තියන නම් දෙක් විතර මතකනම් මේ ඉදිහට command එක දෙන්න...
root@sltechzone :-# locate *TUT*sltechzone

11.echo

මේ කමාන්ඩ් එකෙන් අපිට txt file එකක් හදල ඒකට text ඇතුලත් කරන්න පුලුවන්...
root@sltechzone :-# echo thanks to visit our blog >> sltechzone.txt

ඒ වගේම හදපු txt file එකකට text එකක් ඇතුලත් කරන්න පුලුවන්...
root@sltechzone :-# echo SL_TECH_ZONE >> sltechzone.txt

12.cat

මේ කමාන්ඩ් එකෙන් txt file එකේ content එක බලන්න පුලුවන්...
root@sltechzone :-# cat sltechzone.txt
thanks to visit our blog
SL_TECH_ZONE

13.nano

මේ කමාන්ඩ් එකෙන් අපිට terminal එක text eitor එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්...අපිට terminal එකෙන් sltechzone.txt file එක edit කරන්න ඕනෙනම් ඒ විදිහට command කරන්න...
root@sltechzone :-# nano sltechzone.txt

14.sudo

මේකමාන්ඩ් එකෙන් කරන්නෙ admin privilage එකෙන් මොනවහරි කමාන්ඩ් රන් කරන එක....
උදාහරනයක්  විදිහට අපිට රූට් පාස්වර්ඩ් වෙනස් කරන්න ඕනෙනම් මේ විදිහට කරන්න...
root@sltechzone :-# sudo passwd
[sudo] password for root: මෙතන ඔයාගෙ දැන් තියන රූට්  pass එක දෙන්න
Enter new LINUX password: අලුත් පාස්වඩ් එක
Retype new LINUX password: අලුත් පාස්වඩ් එක ආය ටයිප් කරන්න
Passwd: password updated successfully

15.df

මේකමාන්ඩ් එකෙන් හාඩ් එකේ පාටිශන් වල ඉඩ බලාගන්න පුලුවන් ..
root@sltechzone :-# df

මෙතෙන්දි KB වලින් space පෙන්නන්නෙ...කමාන්ඩ් එක ඉස්සරහින්  -m ගැහුවහම mb වලින් පෙන්නනව...
root@sltechzone :-# df –m

16.du

මේ කමාන්ඩ් එකෙන් ඉඩ ප්‍රමානය බලාගන්න පුලුවන් ෆෝල්ඩර් වල...
root@sltechzone :-# du Download

ඒවගේම ෆෝල්ඩර් එකේ තියන ෆයිල් වල ඉඩ ප්‍රමාන දැන ගන්න ls –lah කමාන්ඩ් එක පාවිච්චි කරන්න පුලුවන්...
root@sltechzone :-# ls –lah

17.zip , unzip

File zip unzip කරන්න මේ කමාන්ඩ් එක පාවිච්චි කරන්න පුලුවන්...
root@sltechzone :-# zip tut.zip /Desktop/tut/
root@sltechzone :-#unzip tut.zip

18.uname

OS එකේ details දැනගන්න මේ කමාන්ඩ් එක පාවිච්චි කරන්න පුලුවන්...
root@sltechzone :-# uname
Linux

වැඩිතොරතුරක් දෙනගන්න -a කියන එක command එක ඉස්සරහට දාන්න..
root@sltechzone :-# uname –a
Linux sltechzone 4.14.0-kali3-amd64 #1 SMP Debain 4.14.12-2kali1 (2018-01-08) x86_64 GNU/Linux

19.apt-get

මේ කමාන්ඩ් එකෙන් linux package install කරන්න පුලුවන්....ඒ අගේම මේක sudo එක්ක use කරන්න...admin previlade එක්ක...උදාහරනයක් ඉදිහට sltechzone package එක install කරන්න ඕනෙනම්..
root@sltechzone :-#  sudo apt-get install sltechzone

ඒවගේම linux update කරන්නත් මේ කමාන්ඩ් එක යොදාගන්නව...
root@sltechzone :-# sudo apt-get update

upgrade කරන්න මේ කමාන්ඩ් එක...
root@sltechzone :-#  sudo apt-get upgrade

distro එක update කරන්ජවනම් මේ command එක පාවිච්කි කරන්න...
root@sltechzone :-#  sudo apt-get dist-upgrade

20.chmod

අපිටතියන file එකක් executable කරන්න මේ කමාන්ඩ් ක යොදාගන්න පුලුවන්...උදාහරනයක් ඉදිහට sltechzone.py file එක ගන්නම්...
මේ ෆයිල් එකේ සාමන්යෙන් රන් කරන්න තියෙන්නෙ python sltechzone.py විදිහට...මේක executable කලොත් නිකම්ම sltechzone.py කියන command එකෙන් ඔය pkg එක run කරන්න පුලුවන්...

සාමාන්‍ය විදිහට executable කරන්නෙ මෙහෙමයි...
root@sltechzone :-# chmod +x sltechzone.py

root permission දෙන්න ඕනෙනම් මේ විදිහට කරන්න...
root@sltechzone :-# chmod 755 sltechzone.py

root executable එකක් කරන්න ඕනෙනම් මේ විදිහට...
root@sltechzone :-# sudo chmod +x sltechzone.py

21.hostname

අපේ හොස්ට් එකේ නම් බලාගන්න පුලුවන් මේ කමාන්ඩ් එකෙන්
root@sltechzone :-# hostname
sltechzone

අපේ ip එක බලාගන්න ඕනෙනම් අර කමන්ඩ් එකට -I එකතුකරන්න
root@sltechzone :-# hostname –I
192.168.43.96

22.ping

මේ කමාන්ඩ් එකෙන් Ping එක හොයාගන්න පුලුවන් ඕනෙම site එකකට හරි ip එකකට හරි තියන...
root@sltechzone :-# ping http://sl-tech-zone.blogspot.com


root@sltechzone :-# ping 192.168.1.1 



command ටිකනම් ඉවරයි...
පොඩි  tricks ටිකකුත් කියන්නම්...

අපිට තියන terminal එකේ තියන code ඔක්කොම මකන්න ඕනෙනම් clear කියල type කරල enter කරන්න...
root@sltechzone :-# clear

ඒවගේම tab එකෙන් අපිට සමහර ව්චන පොඩ්ඩක් type කරල සම්පූර්න කරන්න පුලුවන්...
root@sltechzone :-# cd Dow  [TAB] root@sltechzone :-# cd Downloads

Run වෙන pkg එකක් stop කරන්න Ctrl + C යොදාගන්න පුලුවන්...

Force Stop කරන්න Ctrl+Z වලින් පුලුවන්...

Terminal එකෙන්අයින් වෙන්න exit command එක පාවිච්චි කරන්න පුලුවන්...
root@sltechzone :-# exit

terminal එකේ අන්තිමට ගහපු command ටික ගන්න පුලුවන් up down arrow වලින්...

Terminal එකෙන් pc එක power off කරන්න පුලුවන් මේ .විදිහට..
root@sltechzone :-# sudo half

restart කරන්නපුලුවන් මෙහෙම...
root@sltechzone :-#  sudo reboot

එහෙනම් පෝස්ට් එක ඉවරකරනව...කට්ටියට ගොඩක් වටිනව කියල හිතනව...අපේ බ්ලොග් එකත් එක්ක දිගටම රැදී ඉන්න...තවත් පට්ට පෝස්ට් එකින් සෙට් එමු...එහෙනම් මං කැපුන...බුදු සරණයි!!!

2 comments: