විෂුවල් බේසික් හඳුනා ගනිමු - SL_Tech_Zone

Latest

SL_Tech_Zone

අපගේ නමවතම තාක්ශනික Blog අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නව...Linux,Windows,Android පිලිබදවත්...අනෙකුත් තාක්ෂණික තොරතුරු අපගේ Blog අඩවියෙන් ඔබට ලබාගත හැක... *Education Purpose Only..! SL_TECH_ZONE Admins : Thilina & Amila

Tuesday, April 17, 2018

විෂුවල් බේසික් හඳුනා ගනිමු



හලෝ යාලුවනේ 😍.අද ඉදන් පටන් ගන්නව විෂුවල් බේසික් එහෙම නැත්තම් කවුරුත් දන්න VB ගැන පාඩම් මාලාව.මුලින්ම කියන්න ඕනි Microsoft Visual Studio කියන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලට විතරක්  නෙමෙයි ඇපල් මෙහෙයුම් පද්ධතිවලටත් එක විදිහට ගැලපෙන Programme ලියන්න පුලුවන් IDE (Integrated Development Environment) එකක්.ඩොට්නෙට් එන්වයරමන්ට් (.NET) කියල කියන්නෙත් ඒකම තමා.
මේ  IDE එක  Programming Language  කිහිපයක් අඩංගු එකක්.අද ඉදන් පටන් ගන්න VB  කියන්නෙ  ඒ භාෂා රොත්තෙන් ඉගෙනගන්න ,පාවිච්චි කරන්න ලේසිම Language එක. අද ඉදන් කරන හැමදේම මම කරන්නෙ 2015 version එක පාවිච්චි කරල.ඒත් අවුලක් ගන්නෙපා 2010 ඉදන් ආපු හැම version එකක්ම එක වගේ තමා.
ඔයාල මුලින්ම  Visual Studio  ඕපන්  කරගත්තම  මේ වගේ  වින්ඩෝ  එකක්  එනව.අපි  අලුත්  Project එකක් පටන් ගන්න හන්ද  Start à New Project තෝරන්න.එතනම පහල  Open Project  කියල තියෙන්නෙ කලින් අපි කරපු ඒව ඕපන් කරගන්න.




ඊටපස්සෙ ඕපන් වෙනව New Project  ඩයලොග් බොක්ස් එක.ඒකෙ වම් පැත්තෙ Visual Basic කියන  එකයි  යටතේ  තියන Windows  කියන එකයි තෝරල දකුණු පැත්තෙන් Windows Form Application  තෝරන්න.ඊටපස්සෙ පහලින් Name කියන තැන ඔයාල හදන project එකට ගැලපෙන නමක් දාල Ok කරන්න.




 මෙතනින් Ok කරාට පස්සෙ ඔයාලට දකින්න පුලුවන් වෙන්නෙ ඇප්ලිකේෂන් වින්ඩෝ එක.Programming  ඉගෙනගන්නවනම්  මේ වින්ඩෝ එකේ කොටස් ගැනත් දැනගෙන  ඉන්න ඕනෙ.මේ තියෙන්නෙ  ඒ වින්ඩෝ එක  වෙන්වෙලා තියන  කොටස්  ටික.


දැන් බලමු  මොනාද  මේ කොටස්   වලින්  වෙන්නෙ   කියල


  •          Title Bar කවුරුත්  දන්නවනෙ  මේකෙ තියෙන්නෙ  අපි වැඩ කරන  Project එකේ නම , Close,Minimize,Maximize   බට්න් ටික.
  •          Menu Bar -  File, Edit  වගේ සාමාන්ය මෙනු ටික තියෙන්නෙ  මේකෙ තමා.
  •          Standard Tool Barමෙනු බාර් එකෙන්  කරන්න පුලුවන් වැඩ වල  ෂෝට්කට් අයිකන් සෙට් එක තියෙන්නෙ මේකෙ තමා.මේ බාර් එක  පෙන්නන්නෙ  නැත්තම්  Menu Bar එකේ View àToolbars àStandard  වලට  ගිහින්  ගන්න  පුලුවන්.
  •       Tool Boxඅපි හදන වැඩසටහනේ ඉන්ටෆේස්  එක  හදාගන්න  ඕනකරන  ඔක්කොම දේවල් තියෙන්නෙ මේකෙ තමා.මුලින්ම  VB  ඕපන් කරද්දි  මේක නෑ.View à Other Windows à Tool Box ක්ලික් කරල අපිට මේක ගන්න පුලුවන්.නැත්තම්  Ctrl + Alt + x  ෂෝට්කට් එක පාවිච්චි කරල  ගන්නත් පුලුවන්.
  •          Form අපි අලුතින්  හදන වැඩසටහනේ  ඉන්ටෆේස්  එක හදාගන්න  ඕනෙ  මේ ෆෝම් එකේ තමා.අපිට එකපාර ෆෝම් කීපයක් උනත් අරන් වැඩ කරන්න පුලුවන්. Tool Box එකෙන් අපිට  ඕන කරන ඒව අරගෙන Programme  එක Design කරගන්නෙ  මේ කියන  ෆෝම් එකේ තමා.
  •        Code Window  - ෆෝම් එකේ අපි හදපු  ඉන්ටෆේස් එක ක්රියාත්මක කරන්න  අපි  Code  ලියන්න ඕනෙ.ෆෝම් එක උඩ ඩබල් ක්ලික් කරහම  අපිට Code Window  එක  බලාගන්න  පුලුවන්.
  •        Solution Explorer Windowඅපි හදන  Project එකේ තියන ෆෝම් වගේ දේවල්  පෙන්නන්නෙ  මේ වින්ඩෝ එකේ තමා.දැනට මේක  පෙන්නන්නෙ  නැත්තම්   View à Other Windows à Solution Explorer හරහා  ගිහින්  ගන්න  පුලුවන්.
  •          Properties Windowමේක  වැදගත් මොකද  මෙතනින් තමා අපි එකතුකරන  ඔබ්ජෙක්ට්  රීනේම්  කරන්නෙ  එතකොට ඒවගෙ  සෙටිංස්  වෙනස්  කරන්නෙ. View à Other Windows à Properties Window වලට ගිහින් මේක ගන්න පුලුවන්.


ඔන්න  ඔය  ටික  තමා මූලිකව  කියල  අපි දැනගෙන  ඉන්න ඕන දේවල්.පලවෙනි  පෝස්ට් එකනෙ.වැරදි  අඩුපාඩු හෙනට  ඇති.ඒව කියල  කමන්ට් එකක් දාන්නත්  අමතක  කරන්න  එපා.ඊලග පෝස්ට්  එකෙන්  අලුත්  දෙයක්  අරන්  හම්බෙමු  එහෙනම්.Share  කරල  සප්  එක දෙන්න😉😉.

   එහෙනම්  ජයවේවා  ඔක්කොටම !!! අපි ගියා

 #ALEX

No comments:

Post a Comment